සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

සතර සතිපට්ඨානය -:

1. කායානු පස්සනාව

2. වේදනානු පස්සනාව

3. චිත්තානු පස්සනාව

4. ධම්මානු පස්සනාව

සතර සම්ය්‍යයක් ප‍්‍රධාන වීර්යය-:

5. නූපන් අකුසල් නූපදවීමේ වීර්යය

6. උපන් අකුසල් ප‍්‍රහාණය කිරීමේ වීර්යය.

7. නූපන් කුසල් උපදවාගැනිමෙ වීර්යය

8. උපන් කුසල් වැඩිදියුනු කරගැනීමේ වීර්යය

සතර සෘද්ධිපාද-:

9. ඡන්ද සෘද්ධිපාද

10. චිත්ත සෘද්ධිපාද

11. විරිය සෘද්ධිපාද

12. වීමංසා සෘද්ධිපාද

පංච ඉන්ද්‍රිය-:

13. ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය

14. විරිය ඉන්ද්‍රිය

15. සති ඉන්ද්‍රිය

16. සමාධි ඉන්ද්‍රිය

17. ප‍්‍රඥා ඉන්ද්‍රිය


පංච බල-:

18. ශ‍්‍රද්ධා බල

19. විරිය බල

20. සති බල

21. සමාධි බල

22. ප‍්‍රඥා බල

සප්ත බොජ්ජංග-:

23. සති බොජ්ජංගය

24. ධම්මවිජය බොජ්ජංගය

25. වීරිය බොජ්ජංගය

26. ප‍්‍රීති බොජ්ජංගය

27. පස්සද්ධි බොජ්ජංගය

28. සමාධි බොජ්ජංගය

29. උපේක්ෂා බොජ්ජංගය

ආර්ය අෂ්ඨාංගික මාර්ගය-:

30. සම්මා දිට්ඨි

31. සම්මා සංකප්ප

32. සම්මා වාචා

33. සම්මා කම්මන්ත

34. සම්මා ආජීව

35. සම්මා වායාම

36. සම්මා සති

37. සම්මා සමාධි

දහමේ මූලික කරුණු...දක්ඛිණාවිභඞ්ග සූත්‍රය

දක්ඛිණාවිභඞ්ග සූත්‍රය ( සූත්‍ර පිටකය, මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය , 4. විභඞ්‌ග වර්ගය)

සූත්‍රවිග්‍රහයට සවන්දෙන්න...




සූත්‍රය කියවන්න...
මා විසින් මෙසේ අසන ලද : එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාස කරන සේක. එකල ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි අළුත් පිළී සඟළක් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෝ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හ. එකත්පස්වැ හුන් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ :
වහන්ස, මා සතු මේ අළුත් පිළීසඟළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින් මැ නූල් කැට වියන ලද. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ පිළීසඟළ අනුකම්පා පිණිස පිළිගන්නාසේක්වා. මෙසේ කී කළ භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. දෙවනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ. වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැව. දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. තුන්වනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ : වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැවැ යි. තුන්වනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළහ : ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි.” කියා යි.
මෙසේ වදාළ කල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවියගේ අළුත් පිළීසඟළ පිළිගන්නේ මැනැවැ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇතියහ, කුඩාමව වූහ, අත්පා වැඩූහ, පොෂණය කළහ, කිරි දුන්හු යයි. වැදු මව කලුරිය කළ කල භාග්‍යවතුන් වහන්සේට කිරි පෙවූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය ට බොහෝ උපකාර ඇතියහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලදින් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදෙවි බුදුන් සරණ ගිය, දහම් සරණ ගියහ, සඟුන් සරණ ගියහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදෙවි භාග්‍යවතුන් වහන්සේ ලදින් පණිවායෙන් දුරු වූහ. අයිනාදනින් දුරු වූහ. කාමයෙහි මිසහසරින් දුරු වූහ. මුසවායෙන් දුරු වූහ. මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවි භාග්‍යවතුන් වහන්සේ ලදින් බුද්ධරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගතයහ, ධර්‍මරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගතයහ, සඞ්ඝරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගතයහ, ආර්ය කාන්ත ශීලයෙන් සමන්වාගතයහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදෙවි භාග්‍යවතුන් වහන්සේ ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදා සත්‍යයෙහි නිසැක වූහ. වහන්සේ, (මෙසේ) භාග්‍යවතුන් වහන්සේ ද ගෞතමගොත්‍ර මහාප්‍රජාපතීදෙවියට බොහෝ වහල් වූහ යි.
ආනන්‍දය, තෙල එසේ යැ, ආනන්‍දය, තෙල එසේ යැ, ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් උපකාර සඞ්ඛ්‍යාත මනා ප්‍රතික්‍රියා නො කටහැකි යයි කියමි. කිමෙකින යත් : අභිවාදන ප්‍රත්‍යුත්ථාන අඤ්ජලිකර්ම සාමිචිකර්ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරීක්ෂාකාර යන මේ දීමෙන.
ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසවායෙන් දුරු වූයේ වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත් : අභිවාදන ප්‍රත්‍යුත්ථාන අඤ්ජලිකර්ම සාමීචිකර්ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරීක්ෂාකාර දීමෙන.
ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වේ ද, ධර්මය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වේ ද, සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වේ ද, ආර්‍ය්‍ය කාන්ත ශීලයෙන් සමන්වාගත වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් සුප්‍රතිකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත් : අභිවාදන ප්‍රත්‍යුත්ථාන අඤ්ජලිකර්ම සාමීචිකර්ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරීක්ෂාකාර දීමෙන.
ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධගාමීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. වැඳීම හුනස්නෙන් නැඟීම ඇඳිලි බැඳීම සාමීචිකර්ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දීම යන මෙයිනැ’ යි.
ආනන්දය, වෙන වෙන පුඟුලා කෙරෙහි පිහිටි මේ දක්ෂිණාවෝ තුදුස්දෙනෙකි. කවර තුදුස්දෙනෙක යත් : අර්හත් තථාගත සම්‍යක්සම්බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ පළමු වන පෞද්ගලික දක්ෂිණා යැ. ප්‍රත්‍යෙක බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ දෙවන පෞද්ගලික දක්ෂිණා යැ. අර්හත් තථාගතශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ තුන් වන පෞද්ගලික දක්ෂිණා යැ. රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ සිව් වන පෞද්ගලික දක්ෂිණා යැ. අනාගාමිහට දන් දෙයි, මේ පස්වන පෞද්ගලික දක්ෂිණා යැ. අනාගාමීඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ සවන පෞද්ගලික දක්ෂිණා යැ. සෙදගැමිහට දන් දෙයි, මේ සත්වන පෞද්ගලික දක්ෂිණා යැ. සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ අටවන පෞද්ගලික දක්ෂිණා යැ. සොවන්හු කෙරෙහි දන් දෙයි, මේ නව වන පෞද්ගලික දක්ෂිණා යැ. සොවන්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ දසවන පෞද්ගලික දක්ෂිණා යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තාපසයා කෙරෙහි දන් දෙයි, මේ එකොළොස්වන පෞද්ගලික දක්ෂිණා යැ. පුහුදුන් සිල්වත්හු කෙරෙහි දන් දෙයි, මේ දොළොස් වන පෞද්ගලික දක්ෂිණා යැ. පුහුදුන් දුසිල්හු කෙරෙහි දන් දෙයි, මේ තෙළෙස් වන පෞද්ගලික දක්ෂිණා යැ. තිරිසන් ගියහු කෙරෙහි දන් දෙයි, මේ තුදුස් වන පෞද්ගලික දක්ෂිණා යි.
ආනන්දය, ඒ දානයන් කෙරෙහි තිරිසන්ගියහු කෙරෙහි දන් දී සියක් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන දුශ්ශීලයා කෙරෙහි දන් දී දහස් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන සිල්වත්හු කෙරෙහි දන් දී සියදහස් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තවුසා කෙරෙහි දන් දී කෙළලක්ෂයක් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. සොවන්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දී අසඞ්ඛෙය අප්‍රමෙය අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. සොවන්හු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිහට කෙරෙහි කවර කථා යැ? අනගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? අනගැමි හට කෙරෙහි කවර කථා යැ? රහත්ඵල පසක් කරන්නට පිලිපන්නාහු කෙරෙහි කවර කථා යැ? තථාගතශ්‍රාවක වූ රහත්හු කෙරෙහි කෙරෙහි කවර කථා යැ? ප්‍රත්‍යෙකබුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ?
ආනන්දය, මේ සංඝගත දක්ෂිණාවෝ සත් දෙනෙකි : කවර සත් දෙනෙක යත් : බුද්ධප්‍රමුඛ උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ පළමු වන සංඝගත දක්ෂිණා යැ. තථාගතයන් වහන්සේ පිරිනිවී කල උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ දෙවන සංඝගත දක්ෂිණා යැ. භික්ෂුසංඝයා කෙරෙහි දන් දෙයි, මේ තුන් වන සංඝගත දක්ෂිණා යැ. භික්ෂුණීසංඝයා කෙරෙහි දන් දෙයි, මේ සතර වන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුහු ද භික්ෂුණීහු ද සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ පස් වන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සවන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුණීහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සත්වන සංඝගත දක්ෂිණා යැ.
ආනන්දය, අනාගතකාලයෙහි ගොත්‍රභූ වූ දුශ්ශීල වූ පාපස්වභාව ඇති කාෂායකණ්ඨ කෙනෙක් වෙති. ඒ දුශ්ශීලයන් කෙරෙහි සඟුන් උදෙසා දන් දෙති. ආනන්දය, මම එකල්හිත් සංඝගත දක්ෂිණාව අසඞ්ඛෙය අප්‍රමෙය අනුසස් ඇති’ යි කියමි. ආනන්දය, මම කවර අයුරෙකින් වුව ද සංඝගත දක්ෂිණායෙන් පෞද්ගලික දානය මහාඵලතර යයි නො කියමි.
ආනන්දය, මේ දක්ෂිණාවිශුද්ධීහු සතර දෙනෙකි, කවර සතර දෙනෙක යත් : ආනන්දය, ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හෙතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හෙතු කොට ගෙන විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා හෙතු කොටත් ප්‍රතිග්‍රාහකයන් හේතු කොටත් විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා හෙතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත.
ආනන්දය, ප්‍රතිග්‍රාහකයා තබා දායකයන් හේතු කොට විශුද්ධ වන දක්ෂිණා කවර යත් : ආනන්දය, මෙහි දායකයා සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වෙති, පාපධර්මයෝ වෙති. ආනන්දය, මෙසෙයින් ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හෙතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත.
ආනන්දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්ෂිණා කවර? ආනන්දය, මෙහි දායක දුශ්ශීල වෙයි, පාපධර්ම වෙයි. ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්දය, මෙසේ දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත.
ආනන්දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හෙතු කොට ද විශුද්ධ නො වන දක්ෂිණා කවර? ආනන්දය, මෙහි දායක ද දුශ්ශීල වෙයි, පාපධර්ම වෙති. ප්‍රතිග්‍රාහකයෝත් දුශ්ශීල වෙති, පාපධර්ම වෙති. ආනන්දය, මෙසේ දායකයා හෙතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හෙතු කොට ද විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත.
ආනන්දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්ෂිණා කවර? ආනන්දය, මෙහි දායක ද සිල්වත් වෙයි, කලණදහම් වෙයි. ප්‍රතිග්‍රාහකයෝ ද සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, මේ දක්ෂිණාවිශුද්ධීහු සතරදෙන වෙති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍යවූ තෙල ගාථා ද වදාළෝ :
සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දක්ෂිණා ව දායකයා කෙරෙන් පිරිසිදු වෙයි.
දුශ්ශීල වූ යමෙක් අධර්මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒ දක්ෂිණාව පිළිගාවා කෙරෙන් විශුද්ධ වෙයි.
දුශ්ශීල වූ යමෙක් අධර්මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දානය මහත්ඵල යයි නො කියමි.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය මහත්ඵල යයි ඇතැයි කියමි.
වීතරාග වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් වීතරාගයන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය ආමිසදානයන් අතුරෙන් අග්‍ර වේ යයි.
දොළොස් වැනි දක්ඛිණාවිභඞ්ග සූත්‍ර යි.

පුන්‍යානුමෝදනාව....
Thripitakaya.org & Aathaapi Organization

Damma Page (ධම්ම දනං)_3

සබ්බ දානං ධම්ම දනං ජිනාති

සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.අන්තර්ජාලයේ සෑම තැනම විසිරී පවතින උතුම් බුදු දහම කියාදෙන බෞද්ධ පොත්පත්බණ දේශනාපිරිත් එකම පිටුවකින් ඔබට…
පහත Links මත Click කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි Download කරගත හැකිය.මෙය ඔබගේ හිතවතුන් සෑම දෙනාටම ඔබට හැකි සෑම අයුරින්ම බෙදා හරින්න. උතුම් ධර්ම දානයට සහභාගි වන්න…


අතිපූජ්‍ය රෙරැකානේ චන්දවිමල තෙරුන්

#අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි : 

Damma Page (ධම්ම දනං)_2

සබ්බ දානං ධම්ම දනං ජිනාති

සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.අන්තර්ජාලයේ සෑම තැනම විසිරී පවතින උතුම් බුදු දහම කියාදෙන බෞද්ධ පොත්පත්බණ දේශනාපිරිත් එකම පිටුවකින් ඔබට…
පහත Links මත Click කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි Download කරගත හැකිය.මෙය ඔබගේ හිතවතුන් සෑම දෙනාටම ඔබට හැකි සෑම අයුරින්ම බෙදා හරින්න. උතුම් ධර්ම දානයට සහභාගි වන්න…
මේ කුසලය සියලු දෙනාටම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා!!! සාදු! සාදු!!! සාදු!!!


අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම තෙරුන්
#අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමි
අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමියන්ගේ ධර්ම දේශනා
අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම මහ නාහිමියන්ගේ දහම් පොත්
රුවන්මැලි මහා සෑය
අටවිසි බුද්ධ වන්දනාව
සූසැට ආකාර වශීතාව සහිත ආශ්‍රවක්ෂය කර ඥානය
http://archive.org/download/SinhalaDhammaBooks/VenNaUyaneAriyadhammaThero-suusataAakaraWasheethaawaSahithaAashravakashayakaraGnanaya.pdf

Damma Page (ධම්ම දනං)_1

සබ්බ දානං ධම්ම දනං ජිනාති

සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය.අන්තර්ජාලයේ සෑම තැනම විසිරී පවතින උතුම් බුදු දහම කියාදෙන බෞද්ධ පොත්පත්බණ දේශනාපිරිත් එකම පිටුවකින් ඔබට…
පහත Links මත Click කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි Download කරගත හැකිය.මෙය ඔබගේ හිතවතුන් සෑම දෙනාටම ඔබට හැකි සෑම අයුරින්ම බෙදා හරින්න. උතුම් ධර්ම දානයට සහභාගි වන්න…
මේ කුසලය සියලු දෙනාටම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා!!! සාදු! සාදු!!! සාදු!!!

*සෑම බෞද්ධයෙක් විසින් කියවිය යුතු පොත්

*දෘශ්‍ය ආබාධිත කෙනුකුට අහන්න පුළුවන් දෘශ්‍ය පොතක්